රෝගියෙකු රැගෙන යන්න ආ 1990 ගිලන් රථ පාලිකාවට හමුදා සැරයන් අතවර කරලා

රෝගියෙකු රැගෙන යන්න ආ 1990 ගිලන් රථ පාලිකාවට හමුදා සැරයන් අතවර කරලා

අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පැවසීය.

හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් සැකකාර සැරයන්වරයාගේ සහෝදරයා තුවාල ලබා ඇති අතර ඔහුව
ගිලන් රථයට නන්වා ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී රෝගියාගේ සහයට සැකකාර හමුදා සැරයන්වරයා ද ගිලන් රථයට ගොඩවී ඇති අතර එහිදී එහි සිටි සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය කියයි.

පසුව සෞඛ්‍ය සහායිකාව ඒ බව පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයාය ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය පවසයි.

සැකකරු පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථායට අනුයුක්තව සේවය කරන්නෙකු වන අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.