එජාප සන්ධානයට පොහොට්ටුව එකතු වෙන්නේ නෑ  – මහින්ද

එජාප සන්ධානයට පොහොට්ටුව එකතු වෙන්නේ නෑ – මහින්ද

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24) පවසයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

මහ මැතිවරවරණය ළගදීම පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන නිසා ඊට අදාල බිම් මට්ටමේ සැළසුම් සකස් කරන බවත් එම පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක් ලෙස නැවත නැගී සිටීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

එළඹෙන මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.