ක්ලබ් වසන්ත ඝාතනයේ දෙවැනි වෙඩික්කරු සහ රියදුරු කොටුවෙයි

ක්ලබ් වසන්ත ඝාතනයේ දෙවැනි වෙඩික්කරු සහ රියදුරු කොටුවෙයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මෙම ඝාතනයට සම්බන්ධ බව කියන දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනායි.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැදී සිටින බවට පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාට ලද තොරතුරක් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පින්වත්ත බස් නැවතුමේ රැදී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරුවී කඩවත දක්වා ගමන්කර එහිදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.