ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක්

ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක්

පසුගිය (08) වනදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර වෙඩි තබා ඝාතනය කෙරුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය සතුටුදායක නැතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නාඳුනන පුද්ගලයකු හෝ පිරිසක් විසින් පසුගිය දිනයක ඇයට මල්වඩමක් යවා ඇතැයි කියන සිද්ධියෙන් පසු කළුබෝවිල රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි දැනගන්නට ඇත.

වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදී තිබූ අතර ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.

කළුබෝවිල රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇය මේ දක්වා සැත්කම් තුනකට භාජන කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.