ලංකාවේ ආර්ථිකය ස්ථාවර බව ලෝක බැංකුව කියයි

ලංකාවේ ආර්ථිකය ස්ථාවර බව ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව පවසන්නේ 2024දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පවසයි.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මඟින් ඒ බව සඳහන් කර ඇත.

රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව පෙන්වා දෙයි.