ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ

ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරු අද සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ අනුව පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වා අධ්‍යයන කටයුතු පමණක් සිදුකරන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

ඒ අනුව ගුරු විදුහල්පති සංගම් සඳහන් කළේ පාසල් වල ඉගැන්වීමේ කටයුතු වලට අමතර ඇති විෂය බාහිර කිසිඳු කටයුත්තකට සම්බන්ධ නොවන බවයි.

එමෙන්ම අධ්‍යාපන බලධාරීන් හා සම්බන්ධ සියලුම වට්ස්ඇප් සමූහ වලින් ඉවත්වීමට ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාව තුළ ගුරුවරුන් කටයුතු කරන බවයි වාර්තා වුණේ.