ජනපතිට එරෙහිව විමල්ගෙන් මහනාහිමිවරුනට ලිපියක්

ජනපතිට එරෙහිව විමල්ගෙන් මහනාහිමිවරුනට ලිපියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්, වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර 05ක් යටතේ සිදුකරමින් සිටින, ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලැස්ම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටියි.

අද එම දීර්ඝ ලිපිය ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමි යන ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.

එම සටහන පහතින්