වේවැල්දෙණිය හංදියේ මාරක අනතුරක් – 3ක් ජීවිතක්ෂයට

වේවැල්දෙණිය හංදියේ මාරක අනතුරක් – 3ක් ජීවිතක්ෂයට

කොළඹ, මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංඕවිට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

නිට්ටබුව දෙස සිට මහනුවර දෙසට ගමන් ගත් ත්‍රීරෝද රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මාර්ගය ඉතා පැහැදිලිව තිබියදී රියැදුරාට නින්දයාමෙන් හෝ වෙනත් අපරීක්ෂාකාරී ක්‍රියාවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වරකා පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර සෙසු දෙදෙනා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවද දංඕවිට පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්ශ්‍යන්ත පෙරේරා මහතා සඳහන් කළේය.