ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් නිසා හෙට (05) සවස 06 සිට අනිද්දා (06) උදෑසන 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජා ඇල, කටුනායක, සිදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ජා – ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම් අත්හිටුවන බවයි.