ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය පසුගිය අප්‍රේල් 04 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති අතර එහිදී අදාල සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර ඇත.

ඒ අනුව, සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.