ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්වය ගැන අලුත්ම තොරතුර

ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්වය ගැන අලුත්ම තොරතුර

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින ක්ලබ් වසන්තගේ බිරිය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ශ්වසන ආධාර මගින් ප්‍රතිකාර ලබන ඇය පසුගිය ඉරිදා සිට ශ්වසන ආධාරකය නොමැතිව වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

පපු ප්‍රදේශයට වැදුණු වෙඩි පහර හේතුවෙන් පෙනහළු අභ්‍යන්තරයේ සිදුව ඇති ලේ ගැලීම් නතර කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථ වී ඇති අතර උදර ප්‍රදේශයේ බඩවැල් හා ගර්භාෂ ආශ්‍රිත ප්‍රදේශයට සිදුකල සැත්කම් තුනම සාර්ථක වී ඇති බව පැවසේ.

උදරයේ සිදුව තිබු අභ්‍යන්තර ලේ ගැලිම් සැත්කම් වලින් පසුව නතර වී ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

ඇයගේ මතකය නැවත ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වය තවදුරටත් බරපතල බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

කළුබෝවිල රෝහලේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති බවද පැවසේ.