වසන්තගේ ඝාතකයින් රටින් පනී ?

වසන්තගේ ඝාතකයින් රටින් පනී ?

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර, ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු සිව්දෙනකුට බරපතළ තුවාල සිදු කළ ඝාතකයන් දෙදෙනා රටින් පලා යන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරන බව වාර්තා වේ .

මොවුන් දකුණු මුහුදු තීරය ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවකින් රටින් පලා යන්නට ඇති බවටයි ඔවුන් සැක පළ කරන්නේ.

ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන් දෙදෙනා ආරක්‍ෂක අංශයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවට සැක කෙරේ.

මෙම කුලී ඝාතකයන් පලා ගිය බවට තොරතුරු ලැබුණු ස්ථාන කීපයක්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්‍ෂාවට ලක්කළ ද ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට හැකිවී නැහැ.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් 10කට ආසන්න පිරිසක් විමර්ශන පවත්වනු ලබන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අයුරින් සහාය වූ පුද්ගලයන් 07දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබෙනවා.

නමුත් මෙම ප්‍රහාරයේ වෙඩික්කරුවන් දෙදෙනා හෝ එය සැලසුම් කළ පුද්ගලයන් කිසිවකුත් මේ වනතුරු අත්අඩංගුවට ගෙන නැහැ.