ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා

ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

අද බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඔහු ව්‍යාපාර බංකොලොත් වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.