වසන්තගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද

වසන්තගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් Club වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(13) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

මේ වනවිට දේහය අවසන් ගෞරව සදහා තැන්පත් කර තිබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.

ඒ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ය.

ඒ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ සිරුර අවසන් ගෞරව සඳහා එම පෞද්ගලික මල් ශාලාවේ නොතබන ලෙස ලැබුණ නිර්නාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් ය.

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා පසුගිය සඳුදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණේ අතුරුගිරිය ප්‍රදේශයේදී ය.

නයන වාසුල විජේසුරිය නැමැත්තා ද වෙඩි වැදිමෙන් ජිවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ , ගායන ශිල්පිනී කේ.සුජිවා මහත්මිය ඇතුළු තවත් හතරදෙනෙකු තුවාල ලැබුවේය.