ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන්න පොලීසියෙන් මෙහෙයුමක්

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන්න පොලීසියෙන් මෙහෙයුමක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්ෂි සටහන්කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.

එමෙන්ම ඝාතන සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන වලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද ඒ පිළිබඳව කරුණු සටහන් කරගත් බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි.