වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් ලොකු පැටීගේ මස්සිනා ඇතුලු තිදෙනා මුදාහරී

වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් ලොකු පැටීගේ මස්සිනා ඇතුලු තිදෙනා මුදාහරී

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සංජීව පුෂ්පකුමාර හෙවත් ලොකුපැටීගේ මස්සිනා ඇතුලු තරුණයන් දෙදෙනා මුදාහැර තිබේ.

බස්නාහිර දකුණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැලිපැන්න ප්‍රදේශයේ නිවසකදී ඔවුන් ඊයේ (12) අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් මොවුන් තුන්දෙනා මෙම සිද්ධියට සම්බන්ධකමක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් මුදාහැරි බවයි, සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ.