ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරවයට තැන්පත් කෙරේ

ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරවයට තැන්පත් කෙරේ

පසුගිය (08) වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (12) බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරිණි.

ඔහුගේ දේහය අද පෙරවරු 8.30ට මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබුණත් ආරක්ෂක හේතූන් මත දේහය එම ස්ථානයේ තැන්පත් කිරීම ප්‍රමාද වුණි.

මේ අතර දේහය තැන්පත් කර ඇති මල් ශාලාව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබා දී තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.