ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවීමත් සමගයි, ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් තරග 112ක්, එක්දින තරග 161ක් සහ විස්සයි විස්ස තරග 110ක් ක්‍රීඩා කර තිබේ.

ඔහුගේ ක්‍රීඩා දිවියට මේ වන විට වසර 15 ක් ගතව ඇති අතර ඒ අනුව, ඔහු විස්සයි විස්ස පි‌ටියේදී ලකුණු 3277 ක් සහ ජාත්‍යන්තර ශතක 49ක් රැස් කිරීමට සමත් වී තිබේ.

මේ වසර මුලදී වෝනර් ජාත්‍යන්තර එක්දින සහ ටෙස්ට් තරග පිටියෙන් සමුගත් අතර මෙවර ලෝක කුසලානය ඔහුගේ අවසන් විස්සයි විස්ස තරගාවලිය බවට පත් විය.

අද බංග්ලාදේශ කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජය හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ද අහිමිවී ගියේය.