වනිදු හසරංග T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

වනිදු හසරංග T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග එක් ස්ථානයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව, ඔහු මේ වන විට විස්සයි විස්ස පන්දු යවන්නන් අතර රැඳී සිටින්නේ හතරවන ස්ථානයේයි.

තවද ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැන්ව සිටී.

මීට පෙර ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවිය.