වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති විස්සයි – 20 අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වී තිබේ.
වනිඳු නවසීලන්තයට එරෙහි අවසන් විස්සයි – 20 තරගයේදී සුපිරි දස්කම් දක්වන්නට හැකිවිය.
ඒ ඔහු ලකුණු 17කට කඩුලු 04ක් බිඳ දමමිනි.
වනිඳුට තරගාවලියේ වීරයා සම්මානය ද හිමිවිය. එමෙන්ම වනිඳු හසරංග 2024 වසරේ එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතිවල වැඩිම කඩුලුලාභි ක්‍රීඩකයා ද වෙයි. ඔහු ඉනිම් 28කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59කි.
වනිඳු නිමාවූ විස්සයි – 20 අවසන් තරගයේදී තෙවැනි පන්දු වාරය යවන මොහොතේදී පාදයේ ආබාධයට ලක්වූ අතර නියමිත පන්දුවාර 04 අවසන් කරමින් ඔහුට ක්‍රීඩාපිටියෙන් ඉවත් වීමට සිදුවිය.
ඒ අනුව ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වනිඳු හසරංග එක්නොවනු ඇත.