අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවේ

අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවේ

අධික වර්ෂාවත් සමග වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා පැවසීය.

වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හෝ අධිවේගී මාර්ගයෙන් පිටවීමට හෝ නොහැකි තරමට එම ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මතුගම අලුත්ගම මාර්ගය ජල මට්ටම අඩි 4 1/2 පමණ උසකින් යුක්ත වන බවට ඒ මහතා පැවසීය.