ඉතා දුර්ලභ වාලම්පුරියක් විකුණන්න යද්දී මාට්ටු

ඉතා දුර්ලභ වාලම්පුරියක් විකුණන්න යද්දී මාට්ටු

ට්‍රයිටැන් වාලම්පුරියක් රුපියල් ලක්ෂ 15කට අලෙවි කිරීමට රැගෙන ආ තරුණයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් වනජීවි නිළධාරීන් සමග කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාරවිල නගරයේ දී ඊයේ (06) එම වැටලීම සිදුකර ඇති අතර අත් අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි මාරවිල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් ට්‍රයිටැන් වාලම්පුරිය බරින් කිලෝ 01යි ග්‍රෑම් 105ක් සහ දිගින් අගල් 16 කට ආසන්න බවත් එහි වටය අගල් 20 කට වැඩි බවද පොලීසිය පවසයි.

තම සොහොයුරා විදේශ නැවක සේවය කරන බවත් එහිදී ලැබුණු මෙය නිවසට රැගෙන විත් තිබියදී අලෙවි කිරීමට කටයුතු කළ බවට සැකකරු ප්‍රකාශ කළ බවයි, පොලිසිය සඳහන් කළේ.

මීරිගම ගුවන් හමුදා කදවුරේ බුද්ධි නිළධාරීන් ලබා දුන් තොරතුරක් මත ඔවුන්ගේ උපාය දූතයකු යොදා ගනිමින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් හා කරුවලගස්වැව වනජීවි නිළධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.