රාජ්‍ය ඇමති වක්කුඹුරගේ නිල රථයට යතුරු පැදිකරුවෙක් යටවෙයි

රාජ්‍ය ඇමති වක්කුඹුරගේ නිල රථයට යතුරු පැදිකරුවෙක් යටවෙයි

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ගේ නිල ජීප් රථයට යටවුන යතුරුපැදි කරුවෙක් රෝහල්ගත කර තිබේ.

මෙම අනතුර ඊයේ (08) දිනයේ සිදුවී ඇත්තේ ඇලපාත ප්‍රදේශයේ දී ය.

ඇමතිවරයා කොටහමුල්ල සිට දෙණියාව ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටියදී කරන්නාගොඩ පාසල අසලදී මෙම අනතුර සිදු වී ඇත.

මේ වනවිට පැදිකරු අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

ඇමතිවරයාගේ රියදුරා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

Share This