පක්ෂයේ තීරණයට එරෙහිව ගිය එක්සත් වාමාංශික පෙරමුණු සාමාජිකයින්ට විනය ක්‍රියාමාර්ග

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය එක්සත් වාමාංශික පෙරමුණු සාමාජිකයින්ට විනය ක්‍රියාමාර්ග

පක්ෂ තීරණයට එරෙහිව ක්‍රියාකරනු ලැබූ සාමාජිකයින්ට එරෙහිව විනය පියවර ගැනීමට එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, එම පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කර ඇති චමීර පෙරේරා, ඩී. එම්. ඩී. අබේරත්න, බර්නාඩ් කාරියවසම් සහ උපාලි පියතිස්ස යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් විනය කටයුතු අවසන් වන තෙක් ඔවූන්ගේ පාක්ෂිකත්වය තහනම් කිරීමටත් තීරණය කර ඇත.

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් වාමාංශික පෙරමුණේ සහාය සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඉකුත් 11 වන දින පැවති එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.