වීසා නොමැතිව තායිලන්තයට යෑමට ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාව

වීසා නොමැතිව තායිලන්තයට යෑමට ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාව

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බවයි සඳහන් වෙන්නේ.

වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය බවයි සඳහන් වෙන්නේ.

තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන​ය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, තායිලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට උපාධිය නිම කිරීමෙන් අනතුරුව තවත් එක් වසරක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලබා සඳහාද නව වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.