ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලා – මෙන්න අලුත්ම වාර්තාව

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලා – මෙන්න අලුත්ම වාර්තාව

“රට හිතන හැටි” යන තේමාව යටතේ වෙරිටේ රිසර්ච් ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මස ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම ජනමත විමසුමෙන් අනාවරණය වී ඇත්තේ මෙම කාල සීමාව තුළ ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි .

පෙබරවාරි මාසයේදී සියයට 7 ක්වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ජූලි මාසය වනවිට සියයට 24 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ඒ අනුව, එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තෙගුණයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

එසේම වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙබරවාරි මාසයේදී වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 9 ක ප්‍රමාණයක් විශ්වාස කළ බවත් එය ජූලි මාසයේදී සියයට 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

රටේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිසද තුන්ගුණයකින් ඉහළ ඇති බවද එම ආයතනය සඳහන් කළේය.

පෙබරවාරි මාසයේදී ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ සියයට 9 ක පිරිස ජූලි මාසය වනවිට සියයට 30 දක්වා වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.