වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය

වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එය අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වුවද පෞද්ගලික පරිහරණය සදහා වන වාහන ආනයනය සදහා අවසර ලබාදීම තවදුරටත් කල්දැමීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ලබන වසරේ මුල් කාර්තුවේදී තීරණයකට එළඹීමට නියමිතයි.

අදහස් දැක්වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා

” මේ මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ. එතකොට මූලිකත්වය ලබා දුන්නේ වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා.

වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා.

අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.”