එළවළු මිල සීග්‍රයෙන් පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවළු තොග ලැබුණ ද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවීම මීට හේතු වී ඇති බවයි.
මෙමගින් එළවළු විනාශ වන බවත්, මීට අමතරව ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධිකවීම නිසා ජනතාවට අඩු මුදලකට එළවළු ලබාදීමට නොහැකි බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහතින්,
තක්කාලි රු.160- රු. 200
වම්බටු රු. 80 – රු.100
කැරට් රු. 50 – රු. 70
බෝංචි රු. 150 -රු. 200
මාළු මිරිස් රු. 240 – රු. 300
අමුමිරිස් රු. 250 – රු. 300
කැකිරි රු. 25 – රු. 30
පිපිඤ්ඤා රු. 25 – රු. 30
වට්ටක්කා රු. 80 -රු. 100
මෑ කරල් රු. 100 – රු. 120
ගෝවා රු. 50 – රු. 70
ලීක්ස් රු. 140 – රු. 160