සෙමට දුන් එන්නතක් විසවී පාසල් සිසුන් 11කට අසාධ්‍යයි

සෙමට දුන් එන්නතක් විසවී පාසල් සිසුන් 11කට අසාධ්‍යයි

මිහින්තලය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ ප්‍රාදේශීය රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් 11 දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකි.

මෙම සිසුන් ඊයේ (14) දින සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස වීමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් මේවන විට විමර්ශණයක් ආරම්භ කර ඇත.