පොසොන් පොහොය නිමිත්තෙන් උමන්දාවේ රාජකීය දන්සැලක්

පොසොන් පොහොය නිමිත්තෙන් උමන්දාවේ රාජකීය දන්සැලක්

පොසොන් පොහොය නිමිති කරගනිමින් ඊයේ (21) දිනයේදී සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබිණ.

ඒ අතරින් 15,000 කට අධික ජනතාවක් උදෙසා පිරිනැමුණු රාජකීය මහා දන්සැල විශේෂත්වයක් ගත්තේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සහකාර ඉන්දියානු තානාපතිනිය සහ කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන් ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් පොසොන් පොහොය දින දහවල් 12.30 සිට මෙම රාජකීය දන්සැල ආරම්භ කර තිබුණි.

 

Share This