පාස්කු ප්‍රහාරයේ දෙවන වාර්තාව ප්‍රසිද්ධ කිරීම අද
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හෙළිකරන දෙවන වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
ඒ, අනුව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසූ ඉමාම් වාර්තාව අද දිනයේ ඔහු විසින් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ දී අද (28) උදෑසන 10ට මෙම වාර්තාව මාධ්‍යට හෙළිකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අල්විස් වාර්තාව පසුගිය සතියේ දී ප්‍රසිද්ධියට පත් කළා.