ටයර් ගබඩාවක ගින්නක්

ටයර් ගබඩාවක ගින්නක්

ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක අද (22) හටගත් හදිසි ගින්නකින් එම ගබඩාව විනාශ වී ඇතැයි අඹගස්දෝව පොලිසිය පවසයි.

මෙම ටයර් ගබඩාව වසා තිබියදී එම ගින්න හටගෙන ඇති අතර, බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය, අඹගස්දොව පොලිසිය, ඌවපරනගම ප්‍රාදේශීය සභාව එක්වී වතුර බවුසර් යොදා ගනිමින් ගින්න අවට ප්‍රදේශයේ පැතිර යාමට ඉඩ නොදී නිවා දැමූ බවද පොලිසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගින්නෙන් ටයර් ගබඩාවේ තිබූ ටයර් විනාශ වී ඇති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය සදහන් කළේය.