දීර්ඝ සති අන්තයට ගම්බිම් බලා යන පිරිසට විශේෂ ප්‍රවහන සේවා

දීර්ඝ සති අන්තයට ගම්බිම් බලා යන පිරිසට විශේෂ ප්‍රවහන සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අමතර බස් රථ 60 කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි, එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ගමනාගමන කමිසන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට සැලසුම් කර තිබේ.

මේ අතර, අද (13) රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

COMMENTS