ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගිය පුද්ගලයන් 81ක් අත්අඩංගුවට

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගිය පුද්ගලයන් 81ක් අත්අඩංගුවට

පසුගිය කාලයේදී කාර්යාල දුම්රියන් වල ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ පුද්ගලයන් 81 දෙනකු අත්අඩංගුවට ගෙන දඩ මුදල් නියම කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය පවසනවා.

මෙම වැටලීම් මොරටුව, දකුණු කළුතර, පානදුර.අගුලාන ,එගොඩ උයන යන දුම්රිය ස්ථාන වල සිදුකර තිබුණා.

සුළු මුදලක් ගෙවා ගන්නට තියෙන දුම්රිය ප්‍රවාහනයේ ටිකට් පත නොමැතිව දුම්රිය මැදිරිවල ගමන් කිරිමට උත්සාහ කිරීමේදී විශාල මුදලක් දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවන බව පවසන ආරක්ෂක නිලධාරින්, ටිකට් පත් මගහැර ගිය එක් මගියෙකුගෙන් රුපියල් 3050 ක මුදලක් දඩ මුදල් ලෙස අය කරන බව පැවසෙනවා.

දුම්රියන් කෙටිදුර ධාවනයේ යෙදිම නිසාවෙන් ටිකට් පතක් නොමැතිව මගීන් දුම්රිය මැදිරි වලට ගොඩවීම සිදුවන බව ආරක්ෂක අංශය පවසා සිටිනවා.

ඉදිරියේදී දිගින් දිගටම ටිකට් වැටලීම් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.