පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස්රථ සේවා

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස්රථ සේවා

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබේ.

විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී, එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ අනුරාධපුර සහ පොළොන්නරුව දක්වා එලෙස දුම්රිය ධාවනය කරන බවයි.

පොසොන් පොහොය වෙනුවෙන් සැදැහැවතුන් වැඩි වශයෙන් පැමිණෙන වෙහෙර විහාරස්ථාන ඉලක්ක කර ගනිමින් විශේෂ බස් රථ සේවාද ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි.