ඔන්ලයින් දුම්රිය ආසන වෙන් කිරීම තුළ මහා පරිමාණ වංචාවක්

ඔන්ලයින් දුම්රිය ආසන වෙන් කිරීම තුළ මහා පරිමාණ වංචාවක්

දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති.

ආසන වෙන්කිරීම විවෘත වී විනාඩි දෙකක් තුළ සියලුම ප්‍රවේශපත් වෙන්කර අවසන් වන බවත් ඒ අනුව ජනතාවට ආසන වෙන්කිරීමට අවස්ථාවක් නොමැති බවත් වැඩි චෝදනා එල්ල කරති.

කොළඹ සිට බදුල්ල දුම්රිය ආසන වෙන්කිරීමේදී මෙම තත්වය වඩාත් දැඩි වී ඇති බවත් උඩරට මාර්ගයේ ආසන වෙන්කරගැනීමේදී සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් ජනතාව පවසති.

අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීම විවෘත කළ වාහාම එම පිරිස සම්පූර්ණ ප්‍රවේශපත් තොගය වෙන්කරන බව කියන ජනතාව ජනතාවට ඉන් පසුව ප්‍රවේශපත් වැඩි මිලට ගැනීමට සිදුවන බව ද එම අත්දැකීමට පත්වූ ජනතව පවසති.

රුපියල් 2,500 ක් වන එසේ වෙන්කරන්නා ප්‍රවේශපත් රුපියල් 5,00 සිට 10,000 දක්වා මුදලට පිරිසක් අළෙවි කරන බව ද ජනතාව පවසති.

මෙම තත්වය පිළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳව පැමිණිලි ලැබෙන බවත් මෙම ආසන වෙන්කිරීම පිළිබඳව තීන්දුව දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් ගත් එකක් නොවන බවයි.

එම තීන්දුව ප්‍රවාහන අමාත්‍යංශය මට්ටමින් ගත් තීන්දුවක් වීම නිසා දුම්රිය නිලධාරීන්ට කළ හැකි දෙයක් නොමැති බවත් දෙපාර්තමේන්තුව මට්ටමින් මේ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් ඉදිපොළගේ මහතා පැවසීය.