මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇන හිටී

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇන හිටී

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙය සිදු වී තිබේ.

පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ පීලි පැන තිබෙනවා.

දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී ඊට ද දැඩි අලාභ හානි සිදු ව ඇති බවත් වාර්තා වේ.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බවයි දුම්රිය ප්‍රකාශකයෙක් පැවසුවේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට තාවකාලික නවතා ඇති හෙයින් මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජිණ දුම්රිය ද අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කිරීමට පියවර ගැනුණා.

WhatsApp Image 2024 06 13 at 10.37.07 1 1

WhatsApp Image 2024 06 13 at 10.37.06 1 2

WhatsApp Image 2024 06 13 at 10.37.04 1

WhatsApp Image 2024 06 13 at 10.21.50 1

Share This