දුම්රිය ගමන් රැසක් අවලංගුයි – වර්ජනයට සම්බන්ධ සියලු ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සලකනවා

දුම්රිය ගමන් රැසක් අවලංගුයි – වර්ජනයට සම්බන්ධ සියලු ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සලකනවා

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනයෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ඊයේ (09) රාත්‍රීයේ ඇරඹුණු වැඩවර්ජනයක හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය රැසක් අවලංගු කෙරුණු බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ පවසයි.

කෙසේ වෙතත් වර්ජනය කරන සියලු ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සලකන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන බෙලිඅත්ත සිට ගාල්ල හරහා ධාවනය වන කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය නොවූ අතර ගාල්ල දුම්රිය ස්ථානයෙන් ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බව සඳහන්.

මෙම වර්ජනය සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමයද සහයෝගය දක්වන බවයි වාර්තා වන්නේ.