අමාත්‍යාංශයක වැසිකිළි කැසිකිළි නිසා ජනතාව දැඩි අපහසුතාවක

අමාත්‍යාංශයක වැසිකිළි කැසිකිළි නිසා ජනතාව දැඩි අපහසුතාවක

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැසිකිළි කැසිකිළි නිසි ලෙස බැහැර නොවීම හේතුවෙන් එම අමාත්‍යාංශයට වැඩමවන මහා සංඝරත්නය මෙන්ම සේවාලාභීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

එමෙන්ම එම අමාත්‍යාංශයේ සේවකයන්ද එම වැසිකිළි පද්ධතිය භාවිත කරන අතර ඔවුන්ද පැවසූවේ, බලධාරීන් මේ පිළිබඳ තැකීමකින් තොරව කටයුතු කරන බවය.

කොළඹ මහනගර සභාව ආසන්නයේම පිහිටා ඇති බුද්ධ ශාසන අමාත්‍යංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එකම ගොඩනැගිල්ලක පිහිටුවා ඇති අතර මේ වනවිට එම වැසිකිළි තුළ ජලය එක්රැස්ව ඇති බව දක්නට ඇත.

ඇතැම් ස්ථානවල මදුරු කීටයන්ද දැකගත හැකි බව එම ස්ථානයේ සිටි භික්‍ෂූන්වහන්සේලා මෙන්ම සේවකයෝද පැවසූහ.

දිනකට එම අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට බොහෝ භික්‍ෂූන්වහන්සේලා වැඩමකරන බවත් කැසිකිළි පහසුකම් නිසි පරිදි නොමැතිවීම හේතුවෙන් එම භික්‍ෂූන්වහන්සේලා ඇතුළු සේවාලාභීන් දැඩි අපහසුතාවට පත්වන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.