මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රිය අනතුරකට ලක්ව තිබේ.

අද (18) උදෑසන මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි, නාරාහේන්පිට පොලිසිය පැවසුවේ.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බව පොලිසිය පැවසීය.

ඔවුන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පැවසීය.