අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි

කිලිනොච්චි – පුනරීන් මාර්ගයේ කුඩමුරුට්ටි හිදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

කුඩමුරුට්ටි සිට පුනරින් දෙසට ධාවනය වූ අනවසර වැලි රැගෙන යමින් තිබු ටිපර් රථයක් පරික්ෂා කිරීම සඳහා නවත්වන ලෙස සංඥා කළ ද එහි රියදුරු අණ නොතකා ඉදිරියට ධාවන කර පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු එම අවස්ථාවේදීම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පළා ගිය අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආර්ම්භ කර ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් පැමිණි ටිපර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 100 සොයා ගෙන තිබේ.