අපේක්ෂකයන්ට ආධාර දෙන පුද්ගලයන්ගේ බදු අංකය ඉල්ලයි

අපේක්ෂකයන්ට ආධාර දෙන පුද්ගලයන්ගේ බදු අංකය ඉල්ලයි

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් විසින් මැතිවරණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන් ලබාදියයුතු මැතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තාවේ අදාළ අපේක්ෂකයාට පරිත්‍යාග හෝ දායකත්ව සිදුකළ පුද්ගලයන්ගේ ටින් අංකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය) හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය සඳහන් කරන ලෙස දැනුම්දී ඇත.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ඡනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළතදී අදාළ අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට බාරදිය යුතුය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය ප්‍රචාරක වියදම් සම්බන්ධ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට අධිකරණයේදී තහවුරු වුවහොත් ධුරය පමණක් නොව වසර තුනකට ප්‍රජා අයිතියද අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ඡනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළතදී අදාළ අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට බාරදියයුතුය.

මෙවර ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109 කි.

ඒ අනුව, එක් අපේක්ෂකයකු විසින් රටේ සමස්ථ ඡන්දදායකයන් සංඛ්‍යාව වන 17,140,354 සඳහා වැය කිරීමට හැකි මුදල රුපියල් 1,868,298,586 කි.

ඉන් සියයට 60 ක් (රුපියල් 1,120,979,151.60) අපේක්ෂකයා විසින් දැරිය යුතු අතර, අනෙක් සියයට 40 (747,319,434.40) අදාළ අපේක්ෂකයාගේ පක්ෂයේ ලේකම්ට හෝ ඡන්ද හිමියාට වැය කළ හැකිය.

යම් අපේක්ෂකයකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පරිත්‍යාග හෝ දායකත්ව ද්‍රව්‍ය වශයෙන් ලැබුණේ නම් ඒවායෙහි ඇස්තමේන්තු වටිනාකම, අදාළ පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන්ද යන වග ප්‍රචාරක වියදම් වාර්තාවේ සඳහන් කළ යුතුය.

එමෙන්ම අදාළ පරිත්‍යාග හෝ දායකත්වය දැක්වූ පුද්ගලයන්ගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ආදියද සඳහන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වේ.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය ප්‍රචාරක වියදම් සම්බන්ධ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට අධිකරණයේදී තහවුරු වුවහොත් ධුරය පමණක් නොව, වසර තුනකට ප්‍රජා අයිතියද අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.