හිටපු ඇමති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්
මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා ජනවාරි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර නානායක්කාර අත්අඩංගුවට ගරණුනේ ඊයේ (28) දිනයේයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බිබිල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත්තා.
ෆින්ලන්තය, ඊශ්‍රායලය, දකුණු කොරියාව වැනි රටවල රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 40ක් ලබාදෙන ලෙස දැනුම් දී ඉන් ලක්ෂ 30ක් ලබාගත් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.
ඒ අනුව අත්අඩංගුවට ගත් තිසර නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහු ජනවාරි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.