තිලංගට අතුරු තහනම් නියෝගයක්

තිලංගට අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (24) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර අදාළ අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 06 වනදා බලපැවැත්වෙන බවත් සඳහන් කළා.