ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක් – දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක් – දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව, ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලබන සැප්තැම්බර් මස 07 වනදා එම විවාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ආරාධනා සිදුකර ඇත.

එමෙන්ම, මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා පවසයි.