තරුෂි කරුණාරත්න දෙවෙනි අවස්ථාවෙන් 07වෙනි තැනට

තරුෂි කරුණාරත්න දෙවෙනි අවස්ථාවෙන් 07වෙනි තැනට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගී වූ තරුෂි කරුණාරත්න එහි හත් වෙනි ස්ථානය හිමි කර ගැනීමට සමත්විය.

මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය දැක්වූයේ මිනිත්තු 2:06.66ක් ලෙසයි.

මෙම ඉසව්වේ මූලික වටයේ තරග ඊයේ (02) රාත්‍රියේදී පැවැති අතර, එහිදී තරුෂි 06වැනි මූලික තරගයට සහභාගි විය.

එහිදී මිනිත්තු 2:07.76කින් තරගය අවසන් කළ ඇයට අවසන් ස්ථානයෙන් සැහීමට පත්වීමට සිදුවිය.

කෙසේ නමුත් එම තරගයේදී ඇය දැක් වූ කාලය අනුව අද දිනයේදී නැවත වරක් තරග වැඳීමේ දෙවැනි අවස්ථාවක් හිමිවිය.

ඒ අනුව, එම තරගය මෙරට වෙලාවෙන් අද ප.ව. 3.15ට පැවැති අතර එහිදී ද 07වැනි ස්ථානයෙන් සැහීමට ඇයට සිදුවිය.