මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් (01) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි, මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තෝබර් 01 වනදාත් 08 වනදාත් අතර කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරීම් භාර නිලධාරීන්ට ලබා දිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.

ඒ අනුව, තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද (01) සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.