තණමල්විල දැරියට සාධාරණයක් ඉල්ලා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

තණමල්විල දැරියට සාධාරණයක් ඉල්ලා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

තණමල්විල ප්‍රදේශයේ පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සැකකරුවන් මේ වන විට අධිකරණ සංකීර්ණය වෙත රැගෙන විත් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද දිනයේ ද විරෝධතාවක් පැවැත්වුණා.

ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව මෙම නිහඩ විරෝධතාව සංවිධාන කර තිබුණි.

සිසුන් 17 දෙනෙකු සහ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවකුයි මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ.