තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 04 දෙනාට ඇප

තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 04 දෙනාට ඇප

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධ තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරියේ, විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා උපදේශන ගුරුවරියක සහ විනය කමිටුව බාර ආචාර්යවරියයි.

සැකකරුවන්ට යළි ලබන 22 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකළ යුතු බවත් එවැනි සිද්ධියක් සම්බන්යෙන් තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගුකර නැවත බන්ධනගාර ගත කරන බව ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

බන්ධනාගාර ගත නොකරන්නේ විදුහල්පතිවරයා ඇතුලු මෙම තිදෙනා පාසල තුල රාජකාරි කටයුතු කිරිම අවශ්‍ය නිසා බවත් අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේය.