CID යට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට අධිකරණයෙන් නියෝග
මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.
ඒ අනුව, ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගල මහතාට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ.